සූතු පිටකයේ බුද්දක නිකායට අයත් දම්මපදය බෞද්ධයාගේ අත්පොත බදුය. මෙහි තේමා 26 ක් යටතේ ගාතා 423ඇත. මෙය බුදුදහමෙහි හරය හෙවත් ක්ෂාරය ලෙස හදුන්වයි . කෙනෙක් කොතෙක් දහම් දැනුම කොතෙක් දැනගෙන සිටියත් තම ජීවිතය අයහපතින් මුදවා යහපතෙහි යෙදවීමට එම දහම් දැනුම යොදාගන්නනෙ නැති නම් නම් නිෂ්ඵලය. බුදුරදුන් විසින් දේශනා කරන ලද දහමෙහි සාරා0ශයක් වැනි වූ ධම්මපදයෙහි සරල සුමග දහම් දැනුම මෙන්ම ගැඹුරැ දහමි කාරනාද ඇතුලත්ව ඇත. එහි ඇති ගාතා අප යායුතු මග නොයායුතු මග පෙන්වා දෙයි. අපගේ සිතේ ස්වභාවය එය ජීවිතය කෙරෙහි බලපාන ස්වභාවය හා සිත හික්මවා ගන්නා ආකාරය එහි වැදගත් කම පැහැදිලි කර දෙයි. මෙහි බුදුධ වග්ගයෙහි සදහන් වන පස්වන ගාතාව සහ එහි තේරැම පහත සදහන් වෙයි.
සබ්බ පාපස්ස අකරන0
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරි යෝදපන0
ඒත0 බුදුදානුසාසන0
මෙහි අර්තය නම්; සියලු පව් නොකිරීමද, කුසල් කිරීමද ,තම සිත පිරිසිදු කර ගැනීමද, සියලු බුදුවරයන්ගේ අනුශාසනාවයි යන්නයි. මෙවැනි දහම් කරනා වලට අනුව ජීවිත ය පවත්වා ගෙන යාමෙන් අපගේ ජීවිතය යහපත් කර ගත හැක.



Recent Comments